ජනවහරේ බස්වහර - කමත් බස්වහර

       
 ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද මෙම රටේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය ලෙස භාවිතා කරණු ලබන භාෂාවන්ගේ සුළු සුළු වෙනස්කමේ සිට විශාල වෙනස්කම් දක්වා ද භාවිතාවනු දක්නට ලැබේ. මෙය ඒ එ් ප්‍රදේශයට ආවේනික වූ ගොවිතැන් ක්‍රම, රැකියා ක්‍රම ආදිය අනුව ද වෙනස්කම් දක්වයි. ඒ අනුව මෙහි සඳහන් කරණු ලබන බස් වහර ‍හදුන්වා දීමේදී අප ඉදිරිපත් කරන අදහස වෙනත් ප්‍රදේශයක වෙනස් තේරුමක් සහිතව වෙනත් රටාවකට භාවිතා කරණු දක්නට ලැබෙනු ඇත. එය අනුව මෙහි සඳහන් තේරුම් වැරදියැයි එකවරම නිගමනය නොකරන ලෙස ද ඉල්ලන අතර එවන් වෙනත් බස් වහරේ එව රටා ඇත්නම් අපවෙත යොමුකරන මෙන් ද කාරුණිකව ඉල්ලමි.
කමත් බස් වහර
  1.  ගොයම් පෑගීමට යොදාගන්නා බිම                                     = කමත
  2. කමත ශුද්ධ පවිත්‍ර කර සූදානම් කර ගැනීම                           = බෝමුර ඇඳීම
  3. කමත පිරිසිඳු කරගැනීමට යොදාගන්නා උපකරණය            = බෝලත්ත
  4. කමත මැද සකස්කරන වල (නිධන් වස්තු තැන්පත් කිරීමට)  = අරක්වළ
  5. අරක්වලේ ද්‍රව්‍ය තැන්පත් කිරිම‍ට යොදාගන්නා පෙට්ටිය     = අරක් පෙට්ටිය
  6. අරක් වළේ තැන්පත් කරන ද්‍රව්‍ය                                         = අරක් වස්තු
  7. අරක් වළේ තබන කටු සහිත හක් බෙල්ලා                          = අරක් බෙල්ලා
  8. අරක් වළේ තබල රවුම්ගල හෝ පොල්ගෙඩිය                     = අරක් මුත්තා
  9. ගොම මැටි මිශ්‍ර කර කමත්බිමේ ගෑම                                   = කමත ඇඹීම
  10. කමතවටා කවාකාරව දිය බැස යාමට කපන කාණුව           = ගොම්මොලකඩ
සම්පූර්ණ විස්තරය බලන්න අදාළ මාතෘකාව හෝ වාක්‍ය මත ක්ලික් කරන්න.
කමතේ දී ආහාරපාන සඳහා භාවිතාවන නම්, කමතේ දි උපකරණ හැදින්වීම, කමතේ දි පුද්ගලයින් හැඳින්වීම ආදී මාතෘකා සඳහා පහත  මාතෘකා මත ක්ලික් කරන්න



Post a Comment

0 Comments