පරිසරය 5 ශිෂත්ව විභාගය

මෙහි ප්‍රශ්න 250ක් අන්තර්ගතවේ.

👉 ඔන්ලයින් ප්‍රශ් පත්‍ර සඳහා

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

               අමුණ, සොරොව්ව, වෑකන්ද, වැව් තාවුල්ල, දියවන්නාව, මඩ සොරොව්ව, වනාත, රැල පනාව,                         පෝටා වැටිය, කන්නය

01.  කුඹුරුවලට ජලය ගැනීමට ඇළ දොළ ආදිය හරස්කර බඳිනු ලබන බැම්ම ...............................

02.  වැවක ජලය පිටකර ස්ථානය ...................................................................................................

03.  වැව හාරාගත් පස්වලින් වැව වටකොට සදා ඇති කන්ද .............................................................

04.  වැවක ඉහළ කොටස ..............................................................................................................

05.  වැවක ඇළ මාර්ගයට කියන වෙනත් නාමයක් වන්නේ .............................................................

06.  වැවක මඩ ඉවත් කිරීමට සාදා ඇති ස්ථානය ............................................................................

07.  වන සතුන්ගෙන් වෙල්යායට වන හානි වළකා ගැනීමට එළිකරන ලද බිම් තීරුව .......................

08.  ජලය පිරුණූ විට වෑ කන්ද සේදීයාම වැළැක්වීමට සැව් ඉවුරේ ගල් අල්ලා සකස් කර ඇති කොටස ..................................................................................................................................................

09.  වැවට කොළ රොඩු ගසාගෙන ඒම වැළැකීමට සාදා ඇති වැටිය ................................................

10.  වී වගා කරන කාලසීමාව හඳුන්වන නාමය වන්නේ .................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ගොඩ කුඹූරු, හෙල්මලු , වක්කඩ, පෝරු ගෑම, බණ්ඩි ගොයම, නෙළුම් කයිය, නිරි, ජටාව, කමත ඇඹිම,

කොළ මැඩවීම,

11.  කැකුලම් වගා කුඹූරු හඳුන්වන නාමය වන්නේ ..........................................................................

12.  කඳුකරයේ පඩි පෙළක ආකාරයට සකස් කළ කුඹූරු ...................................................................

13.  ලියද්දෙන් ලියද්දට බතුර බැසයන විවරය ..................................................................................

14.  වැපිරීමට පෙර වෙලේ ගොඩැලි හා වළවල් මට්ටම් කිරීම ..........................................................

15.  බඳ මහත්ව පීදීමට මුල පුර ගොයම ...........................................................................................

16.  ගොයම් කැපීමට එන පිරිස .......................................................................................................

17.  ඉප නැල්ලෙන් මතුවන ගොයම් පැළ ........................................................................................

18.  ගොවියා හිසට බඳින රෙද්ද ......................................................................................................

19.  කමත පිරිසුඳු කොට ගොම පිරිමඩ ගෑම ...................................................................................

20.  ගොයම් කොළ පෑගීම .............................................................................................................

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

වී කුරුල්ලා, කජු, බීට්, මැස්සා, වැහිළිහිණියා, බුධ, 12 යි., කෙකටිය, තම්මැන්නාව, රාජසිංහ රජු

21.  ලංකාවේ ඒක දේශීය පක්ෂියෙකි ..............................................................................................

22.  මැලියම් ලබාගන්නා ශාක වර්ගයකි ............................................................................................

23.  සීනි කර්මාන්තයේ දී භාවිතා කරන ශාක විශේෂයකි ....................................................................

24.  ආහාර අපවිතු කරනු ලබන කෘමියෙකි .........................................................................................

25.  ලංකාවට සංක්‍රමණය වෙන පක්ෂියෙකි. .....................................................................................

26.  සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වන්නේ ...........................................................................

27.  ජෝතිෂයේ දී ලග්න බෙදා ඇති ගණන කීයද ? ...............................................................................

28.  ජලජ පැලෑටියකි ..............................................................................................................................

29.  විජය රජු රාජධානිය කරගනු ලැබුවේ ...............................................................................................

30.  සීතාවක රාජධානිය කරගනු ලැබුවේ .............................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

හ්‍යූමස්, පිළිල, තන්තු මුල්, මූකටය, අපා, මිරිදිය මාළු, ඝනීභවනය, සූත්‍රිකාව, උෂ්ණත්ව මානය, වඳුරා

31.  දිරාපත්වූ ශාක සහ සත්ත්ව කොටස් මෙනමින් හදඳුන්වයි. ................................................................

32.  පරපෝෂීත ශාක මෙනමින් හදුන්වයි. ..............................................................................................

33.  පොල්, තල්, කිතුල්, උණ ආදි ශාකයන්හි ඇති මුල් මෙනමින් හදුන්වයි.................................................

34.  මලක ඇති පෙති සියල්ල හදුන්වන්නේ ........................................................................................

35.  පාද නැති සත්ත්වයින් මෙසේ හදුන්වයි. .............................................................................................

36.  ගංගා ඇළ දොළෙ හි වාසය කරන මාළු මෙනමින් හදුන්වයි. ...............................................................

37.  ජල වාෂ්ප බිංදු බවට පත්වීම හදුන්වන්නේ ....................................................................................

38.  බල්බයක ඇතුලත ඇති කම්බි සම්බන්ධය හදුන්වන්නේ ..................................................................

39.  උෂ්ණත්වය මැන බලන උපකරය වන්නේ .......................................................................................

40.  කොඳු ඇට පෙළක් ඇති සත්ත්වයෙකි ...............................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

හුරුල්ලා, ශත වර්ෂය, 3600, මල් කෑර, දෙල්, තුත්තිරි, රාජ්‍ය ලාංඡනය, ගුවන් විදුලිය, තැඹිලි, එකකි,

41.  කරදිය මාළුවෙකි ............................................................................................................................

42.  අවුරුදු 100 ක් මෙලෙස හදුන්වයි. ....................................................................................................

43.  පැයට තත්පර කීයද ? ....................................................................................................................

44.  ඒක දේශීය ශාකයකි. ......................................................................................................................

45.  මුල් මගින් ව්‍යාප්ත වන ශාකයකි .....................................................................................................

46.  සතුන් මගින් බෝවෙන ශාක වර්ගයකි. ............................................................................................

47.  ශ්‍රී ලංකා රජයේ සෑම ලියවිල්ලකම මෙම ලාංඡනය තිබිය යුතුවේ. ....................................................

48.  කණ මුල් කරගෙන තොරතුරු ලබා දෙන මාධ්‍යකි. .........................................................................

49.  දමිළ ජාතිකයින් ජාතික කොඩියේ නියෝජනය කරන වර්ණය වන්නේ ............................................

50.  කේතුවක ශීර්ෂ දක්නට ඇත්තේ ......................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

එරබදු මල්, කතරගම, වොලිබෝල්, පිච්ච, දකුණින් ය., සුදු පරෙවියා , මහවැලි ගඟ, කොස් ඇට, දම්,

ග්‍රාම නිලධාරී වෙත,

51.  අවුරුදු කාලයේ පිපෙන මල් විශේෂකි. .............................................................................................

52.  මැණික් ගඟබඩ පිහිටි ඓතිහාසික නගරය කුමක්ද ? ........................................................................

53.  අත්පන්දු යන නමින් හදුන්වන්නේ කුමන ක්‍රීඩාවද ? ........................................................................

54.  වඩාත්ම සුවඳ මල් වර්ගයකි. ..........................................................................................................

55.  ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියාවට ...........................................................................................

56.  සාමයේ සංකේතය ලෙස නම්කර ඇති පක්ෂියා වන්නේ ...................................................................

57.  ත්‍රිකුණාමලය නගරය අසලින් මුහුදට වැටෙන ගංගාව වන්නේ ...........................................................

58.  කළු පොල් මාලුව පිළියෙල කරගැනීමට යොදාගනු ලබන බීජය වන්නේ ...........................................

59.  නිල් සහ එත් සායම් මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය වන්නේ .............................................................

60.  පදිංචිය සනාථ කිරීමේ සහතිකය ලබා ගැනීමට යා යුත්තේ ...............................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

මහසෙන් රජු, බස්නාහිර පළාත, බට්ටා පැනීම, දිමියා, පිෂ්ටය, ස්වයංපෝෂිත බව, පණ්ඩුකාභය, තැඹිලි,

ක්‍රීඩා තොරතුරු, අමාවක,

61.  මින්නේරිය වැව කරවන ලද්දේ ......................................................................................................

62.  කළු සහ කැලණී ගංගා මුහුදට ගලා බස්නා වූ පළාත් වන්නේ ............................................................

63.  ගෙමිදුලේ කොටු ඇඳ ළමුන් කරනු ලබන ක්‍රීඩාවකි ........................................................................

64.  ශාක පත්‍ර උපයෝගී කරගනිමින් තව වාසස්ථානය සාදාගන්නා කෘමියෙකි .......................................

65.  බතලවල ඇති බහුල ම පෝෂකය වන්නේ .......................................................................................

66.  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ පුන්කලසින් නිරූපනය වන්නේ ........................................................

67.  අභය වැව කරවන ලද රජතුමා කවුද ? ............................................................................................

68.  රතු සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් නිර්මාණය කරගත හැකි වර්ණය වන්නේ .....................................

69.  දිනපතා පුවත් පත්වල අවසාන පිටුවේ සඳහන්වේ. ............................................................................

70.  චන්ද්‍රයා නොපෙනෙන දිනය වන්නේ ............................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

විදුලි සීනුව, ගොළුබෙල්ලා, නිවිති, සිංහයා, පලතුරු, දවුල් කුරුඳු, කවුඩාඑඩිතර බව, හික්කඩුව, වී බිස්ස

71.  විද්‍යූත් චුම්ක භාවිත වන උපකරණයක් වන්නේ ..............................................................................

72.  රාත්‍රී කාලයේ හැසිරෙන සතකු වන්නේ ............................................................................................

73.  බීජ සහ අතු මඟින් පැලවෙන ශාකයක් වන්නේ, ................................................................................

74.  මස් මාංස පමණක් ආහාරයට ගන්න සත්ත්වයකි. ..............................................................................

75.  වරකා, දූරියන්, ලාවුලු, ජම්බෝල වැනි දෑ මේ නමින් හඳුන්වයි. ...........................................................

76.  ආස්මී සෑදීමේ දී නානු සෑදිමට භාවිතා කරන  කොළ වර්ගය වන්නේ....................................................

77.  බළලා රැවටීමට උගේ හඬින් නාද කරන පක්ෂියා වන්නේ, ................................................................

78.  ජාතික කොඩියේ අසිපත මගින් පෙන්නුම් කරන්නේ .........................................................................

79.  සංචාරක ප්‍රදේශයක් ලෙස පුසිද්ධියක් උසුලන දකුණු පලාතේ වෙරළාසන්න නගරයකි. ......................

80.  පැරණි කාලයේ වී ගබඩා කර තබන ස්ථානය වූයේ ...........................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

එළදෙන, පිදුරුතලාගල, විශ්‍රාම වැටුප්ය, අගෝස්තු, මාළුවන් ගෙනි, කාවා, කුප්පමේනියා, පොල් ගස,

කස්තුරි, නැව් කඳ,

81.  ගිතෙල් ලබාගත හැකි සතා වන්නේ ................................................................................................

82.  නුවර එළිය නගරය ආසන්නයේ ඇති කන්දක් වන්නේ .....................................................................

83.  වයස්ගත රාජ්‍ය සේවකයින්ට ගෙවනු ලබන්නේ ...............................................................................

84.  නිකිනි යනුවෙන් හැදින්වෙන මාසය වන්නේ ...................................................................................

85.  ජාඩි සාදනු ලබන්නේ ....................................................................................................................

86.  පොත්වලට හානි කරන කෘමි සතෙක් වන්නේ ................................................................................

87.  බළලුන් කෑමට වඩාත් ප්‍රියකරන පැලෑටිය වන්නේ ..........................................................................

88.  “නෙරළු තුර” ලෙසින් හැඳින්වෙන්නේ ............................................................................................

89.  මුවාගෙන් ලබාගන්නා වටිනා ඖෂධයකි. .......................................................................................

90.  මුහුදේ ඈතට නැවක් ගමන් කරන විට මුලින්ම නොපෙනී යන්නේ ..................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ඔක්තෝම්බර් 01, තාලම්පට, කළය, ඖෂධ යනුවෙනි, මල් පැණි, ලන්දේසීන්, මැණික් ගඟ, කොස්, කැකුණ,

කැඩුණු සහල්,

91.  ලෝක ළමා දිනය යෙදී ඇත්තේ ....................................................................................................

92.  තාල තැබීමට භාවිතා කරන උපකරණයක් වන්නේ ........................................................................

93.  වැදි භාෂාවේ “මුණ්ඩි” යනු ............................................................................................................

94.  පැළෑටියක මුල්, කොළ, මල්, ගෙඩි, පොතු යන කොටස් හඳුන්වන්නේ .............................................

95.  “මකරන්දය” යනුවෙන් හඳුන්වන්නේ මොනවාද ? ..........................................................................

96.  ගාලු කොටුව ගොඩනංවන ලද්දේ ..................................................................................................

97.  නමුණූකුල කඳුවැටියෙන් ආරම්භ වී යාල ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාවකි. ...............................

98.  දැව, ආහාරථ පලතුරු යන වර්ග තුනම ලබාගත හැකි ශාකයකි. ........................................................

99.  ආලෝකය ලබාගැනීම සඳහා මේ ශෘකයේ ඇට භාවිතා කරයි. ..........................................................

100.    සුණුසහල් යනු මොනවා ද ? ......................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

බණ්ඩක්කා, වීණාව, වතිකානුවයි., ඔටුවා, තම්බපණ්ණියෙන්, කිරි ගෙජ්ජ, අබ, රැහැයියා, වල්ගාතරුව,

ගෙවතු වගාවට

101.    කරලේ අග කෙරවල කඩා බලා එහි හො තත්ත්වය දැනගත හැකිවන එළවළුවකි. ..........................

102.    තත් කම්පනය කර හඬක් ඇති කරන සංගීත භාණ්ඩයක් වන්නේ ..................................................

103.    ලොව කුඩාම රාජ්‍ය වන්නේ ......................................................................................................

104.    මොල්ලියේ මේද තැන්පත් කර තබා ගන්නේ .............................................................................

105.    විජය රජු ලංකාවට ගොඩ බැස්සේ ........................................................................................................

106.    වැදි භාෂාවේ පොල් ගෙඩියට කියනු ලබන්නේ .....................................................................................

107.    ඉක්මනින් පැලවන බීජ වර්ගයකි ........................................................................................................

108.    තටු පිරිමැදීමෙන් හඬක් නංවන කෘමියා ...............................................................................................

 

109.    හිසක් සහ වලිගයක් සහිත දීප්තිමත් ආකාශ වස්තුව කුමක් ද ? .............................................................

110.    විකල්ප බඳන් වගාව වඩාත්ම යෝග්‍ය වන්නේ ....................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

කුමන, උදැල්ල,කාශ්‍යප රජු, කූඩලු මල්, කළු වඳුරා, මුතියංගණය, හාල්පාන් ඇලරියදුරු බලපත්‍රය,

බටර්, පතොක්

111.    කුරුලු අභය භූමිය පිහිටා ඇත්තේ ...........................................................................................................

112.    කමත් භාෂාවේ දී “කොටන්නාව” යනුවෙන් හැඳින්වන්නේ ....................................................................

113.    සීගිරිය තැනීමට මුල්වූ රජතුමා කවුද ? ...................................................................................................

114.    පිපිරීමෙන් බීජ ව්‍යාප්ත වන මල් වර්ගයකි .............................................................................................

115.    ශ්‍රී ලංකාවට ඒක දේශික ක්ෂීරපායි සතෙකු නම් ..................................................................................

116.    බදුලු මහ වෙහෙර යන නමින් හඳුන්වන්නේ ..........................................................................................

117.    අනුරාධපුරයේ ගල් පාලම  දමා ඇත්තේ කුමන ඇල හරහාද ? ................................................................

118.    වාහනයක් දාවනය කිරීම සඳහා රියදුරෙකුට අවශ්‍ය වන්නේ ..................................................................

119.    අප ගනනා සත්ත්ව ආහාරයකි .............................................................................................................

120.    ජලය එතරම් අවශ්‍ය නොවන ශාකයක් වන්නේ ...................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

               පැස්බරා, මයිනහමෙනි, නිල් මොනරැස්ස, ඉන්නල, උකුස්සා, චීටා, පැණි ඇට, කැල්සියම්, ජලය,

               තල්මහා,

121.    වේගයෙන් දිවිය හැකි පක්ෂියෙකු වන්නේ ............................................................................................

122.    කම්මලේ උඳුනට වාතය සපයන්නේ ....................................................................................................

123.    මාංශ භක්ෂක ශාකයකි.........................................................................................................................

124.    අල සිටුවා පැල ලබාගන්නා ශාකයකි. .................................................................................................

125.    ඇතන් ඇති ගොදුර දැක අල්ලා ගැනීමට වඩාත් හැකියාව ඇකි පක්ෂියා වන්නේ.......................................

126.    ලොව වේගවත්ම සිව්පාවා ....................................................................................................................

127.    වැදි භාෂාවෙන් සීනි වලට කියන්නේ ....................................................................................................

128.    හාල්මැස්සන්, කුඩා මාළු වර්ගවල වැඩිපුර ඇති පෝෂ්‍ය පදාර්ථය වන්නේ ..............................................

129.    ශාකයට රසායනික පොහොර යෙදීමෙන් පසු යෙදිය යුතුම වන්නේ .......................................................

130.    ලොව වෙසෙන ලොකුම ක්ෂීරපායී සත්ත්වයා වන්නේ .........................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ලුනු, පොසොන්, දෙළුම්, උඩරට, වේයා, වේයා, සර්පිනාව, පාර, කටුනායක, මන්නාරම,

131.    ආහාර රස කිරීමට ගන්නා සත්ත්ව හෝ ශාක හෝ කෘතීම ආහාරයක් නොවන්න්නේ ...........................

132.    මිහිඳු හිමියන් ලංකාවට වැඩිය මාසය වන්නේ ...................................................................................

133.    ඵලය තුල විශාල බීජ ප්‍රමාණයක් ඇති පලතුරක් වන්නේ ..................................................................

134.    වන්නම් දහඅටක් ඇත්තේ කවර නර්තන කලාවක ද ? ..........................................................................

135.    තුබස සදනු ලබන් නේ ........................................................................................................................

136.    මෙරුවාගේ මුල් අවස්ථාව වන්නේ .....................................................................................................

137.    සුළඟින් ක්‍රියාත්මක වන සංගීත භාණ්ඩයකි .......................................................................................

138.    වැදි භාෂාවේ මංපොජ්ජ යනු නේ හැදින්වෙන්නේ ...............................................................................

139.    ශ්‍රිලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල පිහිටා ඇත්තේ ...................................................................

140.    කරවල සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් වන්නේ .................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ගොරකා, අතුගානවා, නත්තල, මෝය, බළලා, හාවා, ඔලිඳ කෙළිය, දඹාන, මී, දැලි පිහිය

141.    මාළු පිසීමේ දී ඇඹූල් රස ගැන්වීම සඳහා භාවිතා කරන්නේ..............................................................

142.    “මළුව අමදිනවා” මෙහි අමදිනවා යන්නෙහි අර්ථය වන්නේ ..........................................................

143.    ගවලෙන් සාදන ආගමික උත්සවය කුමක් ද ? ................................................................................

144.    ගංගා ජලය මුහුදට වැටෙන ස්ථානය හදුන්වන්නේ ...........................................................................

145.    කුප්පමේනිය පැළැටිය ප්‍රිය කරන සතෙකි. ....................................................................................

146.    මුසලඩි වන්නමේ ගමන් රටාව ඇති සත්වයා වන්නේ, ....................................................................

147.    බීජ වර්ගයක් යොදාගන කරන ගෘහස්ථ ක්‍රීඩාවකි ..........................................................................

148.    ආදි වාසීන් ජීවත්වන ප්‍රදේශකි . ...................................................................................................

149.    තෙල් ලබාගන්නා ඇට වර්ගයකි. ...................................................................................................

150.    කර්ණවෑමියා භාවිතා කරන උපකරණයක් වන්නේ ........................................................................

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ග්ලූකෝස්, දැති ගොයියා, අත් කාචය, බක් මාසය, ඖෂධයකි., කොහා, සෙක්කුව, කැරපොත්තා, වසර හතරකට වරකි., දූරියන්,

151.    ක්‍රීඩා කිරීමේ දී ඉක්මනින් ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා කරන්නේ ..............................................

152.    මැඩුවන් ඉවත් කර බැත වෙන් කර ගැනීමට භාවිතා කරන්නේ, .............................................................

153.    කුඩා දෙයක් ලොකුකර බැලීම සඳහා භාවිතා කරන්නේ ........................................................................

154.    එරබදු මල් පිපෙන මාස වන්නේ ...........................................................................................................

155.    වෙනිවැල්ගැට යනු ..............................................................................................................................

156.    වාසස්ථාන සෑදීම නොකරන පක්ෂියකු වන්නේ ....................................................................................

157.    තෙල් සිඳිම සඳහා භාවිත කළ පැරණි යන්ත්‍රයකි. ..................................................................................

158.    සත්ත්ව ලෝකයේ එකමුතුව වැඩ නොකරන සතා කවුද ? ......................................................................

159.    ඔලිම්පික් තරග පවත්වනු ලබනනේ ......................................................................................................

160.    කටු සහිත ආවරණයක් ඇති පලතුරකි .................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

කුරුඳු, දෙහි, ඉබ්බා, පිරිසුඳු ජලයේ, වවුලා, විරිඳු, බටලීය, සිලෝන්, මාළුවා, මාලිමාව,

161.    කුළුබඩුවක් ලෙස භාවිතයට ගන්නා සුවදැති පොතු ලබා ගන්නා ශාකය වන්නේ ..............................................................................

162.    වැලි යට දැමීමෙන් කල් තබා ගත හැකි දෙයකි. ................................................................................

163.    ලොව වැඩිම කාලයක් ජීවත් වෙන සත්ත්වයා වන්නේ, ......................................................................

164.    ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ .......................................................................................................

165.    ළදරු වියේදී කිරි බී වැඩෙන සතෙකි. ................................................................................................

166.    රබානක් වයමින් ගායනා කරන්නේ .................................................................................................

167.    කජු සඳහා ප්‍රසිද්ධ පුදේශය වන්නේ ..............................................................................................

168.    අතීතයේ විවිධ ජාතීන් ලංකාව හැඳින්වූ නාමයක් වන්නේ .....................................................................

169.    කරමල් උපයෝගී කරගෙන අශ්වාස ප්‍රශ්වාස කරන සතා වන්නේ ....................................................

170.    දිශාව දක්වන උපකරණය වන්නේ ...................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

නා, කඩිප්පු කුට්ටම, දියඹ, දාස්පෙතියා, ඇටිකුකුළාදින 28 යි, අම්බරුවන්, වී, අන්ධයෙක්, පතොක්,

171.    දල්ල රතුපාට කොළ කොළ පාට ශාකයක් වන්නේ .........................................................................

172.    තම්මැට්ටම වාදනය සඳහා භාවිතා කරන්නේ .....................................................................................

173.    ඈත මුහුද මේ නමින් හදුන්වයි..........................................................................................................

174.    පොකුරු කාණ්ඩයට අයත් මලක් වන්නේ .......................................................................................

175.    ගොළුබෙල්ලාගේ සතුරා වන පක්ෂියා වන්නේ ................................................................................

176.    චන්ද්‍ර මාසයකට දින කීයද ? .........................................................................................................

177.    කමත් භාෂාවෙන් මී හරකුන් හඳුන්වන්නේ ........................................................................................

178.    කමත් භාෂාවේ බැත ලෙස හදුන්වන්නනේ මොනවාද ? .....................................................................

179.    සුදු සැරටියක් භාවිතා කරන්නේ .......................................................................................................

180.    වියළි කලාපයේ වැවෙන පතුවල කටු සහිත ශාකය වන්නේ .................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

මත්ස්‍යයා, ලී, මුතු, වාරකන්, අම්බලන්ගොඩ, අක්කපාන, විල්බැරෝව, නෙල්ලි, අඬු මිටිය, සේරා,

181.    වරල් ආධාරයෙන් පිහිනායන සත්ත්වයෙකි .........................................................................................

182.    ඔරු පාරු තනා ගැනීමට වඩාත් සුදුසු වන්නේ ........................................................................................

183.    මුහුදු බෙල්ලන්ගෙන් ලබා ගන්නා වටිනා ද්‍රව්‍යකි .................................................................................

184.    මුහුදු රළ සැර වැඩි කාලයට කියන නම වන්නේ .................................................................................

185.    රූකඩ නැටවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නගරයකි .................................................................................

186.    පත්‍රවලින් මුල් හට ගන්නා ශාකයක් වන්නේ .......................................................................................

187.    පස්, ගල් ආදිය එහා මෙහා ගෙනයාමට උපකාරීවන උපකරණයකි ...........................................................

188.    විටමින්  අඩංගු කුඩා ප්‍රමාණයේ පලතුරකි .......................................................................................

189.    ලීයක් සිඳුරු කිරීමට බුරුමය නම්, ඇණයක් ගැලවීමට ...........................................................................

190.    ජලය මත වසන පක්ෂියෙකි . ...............................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ගිල දැමීමෙන්, කැස්බෑවා, ඉස්තෝප්පුව, 40 කි, පෙළ පොත්, පිළිහුඩුවා, නගුල, ගොම, අගොස්තු, ප්‍රාදේශීය සභාවට,

191.    කුකුළා ආහාර ගන්නේ .......................................................................................................................

192.    මුහුදු වෙරළෙහි  බිත්තර දමන සත්ත්වයෙකි........................................................................................

193.    “ආලින්දය” යනු කුමක් ද ? .................................................................................................................

194.    බුලත් අතකට තිබිය යුතු  බුලත් කොළ සංඛ්‍යාව වන්නේ ....................................................................

195.    සියලුම පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන දෙයකි ...........................................................................

196.    ආහාර සොයාගැනීම සඳහා ජලාශ ආශ්‍රිතව සැරිසරණ පක්ෂියෙකි .......................................................

197.    කෘෂිකරමාන්තයේ දී සී සෑම සඳහා භාවිතා කරනු ලබන උපකරණයකි . ...............................................

198.    අතීතයේ මිනිසුන් ගෙබිම ආලේප කිරීම සඳා යොදාගත් දෙයකි............................................................

199.    මහනුවර දළදා පෙරහැර පවත්වනු ලබන මාසය වන්නේ ....................................................................

200.    ගමේ කුඩා පාරවල් අයත් වන්නේ .....................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

නෙළුම්, භික්ෂූන් වහන්සේලා, වඩු කුරුල්ලා, ඖෂධයකි, කොස්, සැලළිහිණියා, මැණික්, කැප්පෙට්ටියා,

ආසියාව, බෙලි,

201.    ජලයේ වැවෙන ආහාරයට ගතහැකි අල වර්ගයක් ඇති ශාකකයක් නම් කරන්න .....................................

202.    වටාපත භාවිතා කරන්නේ ................................................................................................................

203.    විශ්මය ජනක ලෙස තම කූඩුව තනාගන්නා පක්ෂියෙකි.....................................................................

204.    සැවැන්දරා යනු ..............................................................................................................................

205.    පනා මල සෑදෙන්නේ කුමන ශාකයේ ද ? ..........................................................................................

206.    රූපවාහිනී ජාතික නාලිකාවේ සංකේතය වන්නේ ..............................................................................

207.    ගැරුම් වට්ටිය භාවිතා කරන්නේ කුමන කර්මාණ්තයක දී ද ? ..............................................................

208.    පලතුරු ස්වාභාවිකව ඉදවා ගැනීමට යොදන කොළ වර්ගය වන්නේ ...................................................

209.    ලෝකයේ විශාලම මහාද්වීපය වන්නේ ............................................................................................

210.    ඖෂධයක් වශයෙන්ද, බීමක් වශයන්ද, පලතුරක් වශයෙන් ද, රසවත් ආහාරයක් වශයෙන් ද, ගතහැකි ගෙඩි වර්ගය වන්නේ ......................................................................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

ඒප්‍රනය, මයිනහම, ජනාධිපති, පනුවා, ක්ලෝරීන්, අඩකව, මැයි 01, පිටගැස්ම, ජීවනී, වේවැල්

211.    කෑම පිළියෙල කරන විට අඳින විශෞෂ ඇඳුවක් වන්නේ .................................................................

212.    සාමාන්‍ය කම්හලක යකඩ රත් කිරීම සඳහා යොදා ගන්නේ ..............................................................

213.    අපේ රටේ පාලන ක්‍රමය අනුව වැඩිම බලතල ඇති තැනැත්තා .......................................................

214.    අපා සතකු වන්නේ ........................................................................................................................

215.    ජලය පිරිසිඳු කිරීමට යොදාගන්නේ ...............................................................................................

216.    සඳකඩ පහනේ හැඩය වන්නේ ......................................................................................................

217.    ලෝක කම්කරු දිනය යෙදෙන්නේ ................................................................................................

218.    මළකඩ ඇණයක් කකුලේ ඇනීම නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වය වන්නේ ..................................

219.    විජලනය වූ අයෙකුට දිය යුත්තේ ....................................................................................................

220.    පුටු විවිම සඳහා යොදාගන්නා ශාකයක් වන්නේ ...............................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

පුවක්, යටිකුරුය, යකඩවලිනි, ලෝකඩ පදක්කම, පැස්බරා, පැන්ඩාවන්ය, බල්ලා, කෙටේරිය, යාපනය,

සුදු,

221.    කොළපොත යනු කුමන ගහක කොටසක් ද ? ...................................................................................

222.    සිඳුරු කැමරාවකින් පෙනෙන රූපය සැමවිටම ...................................................................................

223.    අලවංගුව නැමති උපකරණය සාදා ඇත්තේ ......................................................................................

224.    ක්‍රීඩා උත්සවයක දි තෙවන ස්ථානය සඳහා පිරි නමනු ලබන්නේ .....................................................

225.    විශාලතම බිත්තර දමන පක්ෂියා වන්නේ .........................................................................................

226.    තම ආහාරය ලෙස උණ ගසේ නටු , පත්‍ර, රිකිලි ආහාරයට ගන්නේ .................................................

227.    දිවෙන් දහඩිය පිටකරන සත්වයා වන්නේ .........................................................................................

228.    ආදී වාසීන්ගේ අනන්‍යතාවය සහතික කරන සංකේතයකි. ................................................................

229.    වැඩි වශයෙන් මිදිවැවෙන ලංකාවේ නගරයකි ...................................................................................

230.    ශෝකය දැනවීමේ සංඥා සඳහා වඩාත්ම සුදුසු පාට වන්නේ ..............................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

දාස්පෙතියා, පට්ටිපොළ, උණහපුළුවා, කොමඩු, ගම්පහ මල්වත්තේ, උණූ ජලයේ, නුවරඑළිය,

බකමූණා, බෝගන්විලා, බාඳුරා,

231.    වගාවට පැමිණෙන කෘමීන් පලවා හැරීමේ හැකියවක් ඇති ශාකය වන්නේ .......................................

232.    ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටි දුම්රියෙ පොළ වන්නේ ............................................................

233.    නිශාචර සිව්පා සතෙකි...................................................................................................................

234.    ජලය බෙහෙවින්ම අඩංගු පලතුර හෝ එළවළුව වන්නේ ..................................................................

235.    රබර් ගස මුල්වරට ලංකාවේ පැලකරන ලද්දේ ...............................................................................

236.    සීනි හොඳින් දියවන්නේ ...............................................................................................................

237.    එංගලන්තයේ දේශගුණයට සමාන ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍ර දේශයක් වන්නේ ......................................

238.    දිවා කාලයේ දි ඇස් නොපෙනෙන පක්ෂියෙකි. ...............................................................................

239.    හිරු එළිය යටතේ වැඩීමට කැමති ශාකයක් වන්නේ ......................................................................

240.    කුරුමිණි මර උගුල් ලෙස පුකට වී ඇති ශාකය වන්නේ....................................................................

 

Ø  පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු තෝරා හිස් ඉර මත ලියන්න.

විනාකිරි, යුරෝපා, ඔස්ට්‍රේලියාව, මාර්තු, කුරුනෑගල, සාරණ, බිබිල, ගම්මිරිස්, නෑඹිලිය, රුහුණේ,

241.    ගොටුකොළ සම්බෝලයට නොදැමිය යුතු රසකාරකයක් වන්නේ ...................................................

242.    යූරෝ මුදල් භාවිතා කරන කලාපය වන්නේ  ...................................................................................

243.    කැන්ගරුවා කුමන රටක ජාතික සංකේතය ද ? ...................................................................................

244.    රබර් ශාකයේ මල් පිපෙන කාලය වන්නේ .......................................................................................

245.    බඩගමුව වනාන්තරය පිහිටා ඇත්තේ .............................................................................................

246.    යකඩ හා ඛණීජ වැඩිපුර අඩංගු එළවළුවක් වන්නේ .........................................................................

247.    දොඩම් වගාව සඳහා ප්‍රසිද්ධ නගරයක් වන්නේ ................................................................................

248.    බිම දිගේ යන වැලක් නෙවන්නේ ...................................................................................................

249.    සහල් වල ගල් ඉවත් කිරීමට මෙය අවශ්‍ය වේ. ................................................................................

250.    සිතුල් පව්ව පිහිටා ඇත්තේ ................................................................................................................

 

Post a Comment

0 Comments